බන්ධනාගාර ගතකර සිටින රංජන් රාමනායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ.
අදාළ ජංගම දුරකථනය සිරගතව සිටින රංජන් රාමනායකට ලබාදිම සඳහා රැගෙන විත් ඇති බවට සැක කරන බවට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්ය අමාත්්ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.
රංජන් රාමනායකගේ ජංගම දුරකථනය ගැන පරික්ෂණ CID යට
