මොරවක ප්‍රදේශයේ කොවිඩ් -19 අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 02ක් ලෙස හඳුනාගත් වැලිව හා කොඩිකාරගොඩ බටහිර වසම්වල තෝරාගත් පිරිස් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද (17) ආරම්භකර තිබුණි.
ඒ, මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ය.
පසුගියදා මොරවක නගරයෙන් හඳුනාගත් ආසාදිතයින් 52 දෙනා අතරින් වැඩි පිරිසක් මෙම වසම් ආශ්‍රිතව හඳුනාගත් අය වේ.
මේ අතර ත්‍රිකුණාමලය නගරයේ වෙළෙඳසැල් ආශ්‍රිතව පසුගිය සඳුදා සිදුකළ PCR පරීක්ෂණ 250ක් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් 30 දෙනෙකු කාත්තන්කුඩි පදිංචිකරුවන් වන අතර සෙසු 11 දෙනා ත්රිකුණාමලයේම පදිංචි පිරිසකි.
මේ අතර එන්නතේ පළමු මාත්‍රාව මෙරට 796,792 දෙදෙනෙකුට ලබාදී ඇති අතර ලබන අප්‍රේල් මාසයේ දෙවන සතිය වනවිට ඔවුන්ට දෙවන මාත්‍රාව ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබේ