අලුත් එන්නතක් මෙරටට ගේන්න සැලසුම්

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවය.

“මේ වනවිට කොවිඩ් රෝගීන්ගේ අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විවිධ එන්නත් කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ ආයතනවලින් කවුරුහරි නියෝජිතයෙක් ඉල්ලුම් කරන්න ඕනේ ලියාපදිංචි කරන්න. ඊයේ SPC ආයතනයේ සභාපතිතුමා කිව්වා ෆයිසර් ආයතනයට දන්වලා තියෙනවා කියලා ලියාපදිංචිය සඳහා අවශ්‍ය තොරතුරු එවන්න කියලා. “

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයට 85ත් 90ත් අතර පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පසුගියදා ආරම්භ කෙරුණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 200 දෙනෙකු පමණ මෙම එන්නත ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව විශ්‍රාමික මන්ත්‍රීවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් සියයට 98 ක් පමණ මෙම එන්නත ලබාගෙන ඇති අතර අසනීප තත්ත්වයේ පසුවන කිහිපදෙනෙකු පමණක් එන්නත ලබාගෙන නොමැති බව ද වාර්තා වේ.

Related posts

Leave a Comment