නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ පෙරවරු 10 ටයි.
පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ මෙවර සභාවාරය ආරම්භයේදී ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරනු ලබන උත්තමාචාරය සිදු නොකරන බවයි.