අර්ජුන ක‍්‍රිකට් කොමිසමක් ඉල්ලයි

කි‍්‍රකට් කී‍්‍රඩාවට පසුගිය කාලයේ සිදු වුණ විනාශය සහ 96 කණ්ඩායමේ කි‍්‍රඩකයන්ට පරිපාලනය සැලකූ ආකාරය පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත්කරන ලෙස 96 ලෝක ශූර කි‍්‍රකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ශී‍්‍ර ලංකාව ලෝක කි‍්‍රකට් කිරුළ ජයග‍්‍රහණය කර ඊයේ (17 වැනිදා* දිනයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවය අමතා හිටපු කි‍්‍රකට් නායකයා එසේ ප‍්‍රකාශ කළේය.

මෙම උත්සවයට සහභාගි වනවිට මෙහි සිටින ඇතැම් පුද්ගලයන් දැක තමාට ආපසු හැරී යෑමට තරම් සිතුණු බවත් සිය කණ්ඩායම කි‍්‍රකට්වලින් වාර්තා පිහිටුවනවා වගේම පරිපාලනය ද වාර්තා පිහිටුවා ඇති බවත් රණතුංග මහතා කීය.

ලෝකයේ කිසිම රටක නැති දුෂණ විරෝධී කාර්යාලයක් පවා අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ශී‍්‍ර ලංකාවේ පිහිටුවා ඇති බවත් තරග පාවාදීමේ ස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් වී ඇති බවත් රණතුංග මහතා පැවසීය.

පිතිකරුවන්, පන්දු යවන්නන් පුහුණු කිරීමට ලෝකයේ කොහේවත් නැති තරම් දක්ෂ පුහුණුකරුවන් ශී‍්‍ර ලංකාවේ සිටින බවත් එහෙත් පිටරටවලින් කුණු ගොඩවල් ලංකාවට ගෙනවිත් ඔවුන්ට විදේශ විනිමය ගෙන යන්නට ඉඩ දී ඇති බවත් රණතුංග මහතා ප‍්‍රකාශ කළේය.

කී‍්‍රඩා ඇමැතිවරයා, කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේවා ගැන සොයා බැලිය යුතු බවත් නැත්නම් දැනට කී‍්‍රඩාවෙන් බිම වැටිලා ඇති අප රට බිම ඇනෙන දිනයත් වැඩි ඈතක නොවන බවත් රණතුංග මහතා කීය.

තමා මේ දේවල් ප‍්‍රකාශ කළේ තරහකට නොවන බවත් මෙවැනි ජාතික උත්සවයකදී මෙසේ ප‍්‍රකාශ කරන්නට සිදුවීම ගැන අගමැතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවත් එහෙත් මේ දේවල් නොකිව්වා නම් එය වරදක් ලෙස තමා හිතන බවත් රණතුංග මහතා සඳහන් කර සිටියේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment