ආණ්ඩුව බොරු ගොතමින් ගැටලුවලට විසඳුම් නොදී සිටිනවා – ජවි‍පෙ නායක අනුර කුමාර

විවිධ වර්ගයේ බොරු ගොතමින් වත්මන් ආණ්ඩුව ජනතා ගැටලුවලට විසඳුම් නොදී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පෙරේදා (16) කොළඹදී පැවති රැස්වීමකදීය. “රටේ ප්‍රශ්නයක් එනකොට අග්‍රාමාත්‍යවරයා කියනවා මොකක්ද, මම ගව ඝාතනය තහනම් කරනවා. තහනම් කළා ද? ඒක පුස් වෙඩිල්ලක්. තහනම් කළේ නෑ. නිකං කියනවා. එතකොට මොකද වෙන්නේ. පහුවදා මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය. ගව ඝාතනය නතර කරයි. අපේ උපාසක අම්මලා, සාදු සාදු කියනවා පත්තරේ බලලා.
අද මතකද ඒක. සමහර අය කියනවා, මිනිස්සු විතරක් නෙමෙයි රැවට්ටුවේ, ගවයොත් රැවට්ටුවා කියලා” යනුවෙන් ඔහු පැවසීය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment