ටැන්සානියානු ජනපති හදිසියේ අභාවප්‍රාප්ත වෙයි – මියයාමට හේතුව කොවිඩ් බවට සැකයක්

61 හැවිරිදි වියේ පසුවූ ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් ප්‍රකාශ කර තිබෙනවා.

සති 02 කට ආසන්න කාලයක් ජනාධිපති මගුෆුලි මහතා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් විවිධ මතවාද පැතිර ගොස් තිබුණා.

ටැන්සානියාවේ විපක්ෂ ක්‍රියාකාරීන් සඳහන් කර තිබුණේ ඔහු කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

කෙසේවෙතත් එම වාර්තා නිල වශයෙන් තහවුරු කර තිබුණේ නැහැ.

ජනාධිපති ජෝන් මගුෆුලිගේ අභාවය හේතුවෙන් ටැන්සානියාවට සති දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් එරට නව ජනාධිපතිනිය ලෙස දිව්රුම් දීමට නියමිතයි.

Related posts

Leave a Comment