දුක් විඳිමින් සිටින ‘ලුසී’ ට නිදහස ඉල්ලා කැනඩා අගමැතිට සන්දේශයක්..

කැනඩාවේ සත්ත්වෝද්‍යානයක වසර 44කට අධික කාලයක් දුක් විඳිමින් සිටින ‘ලුසී‘ නමැති ශ්‍රී ලාංකේය ඇතින්න මුදා ගන්නා ලෙස සඳහන් සන්දේශයක් ඕමල්පේ සෝභිත හිමියෝ කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීම සඳහා මෙරට කැනඩා මහ කොමසාරිස්වරයා වෙත පෙරේදා (16) භාර දුන්හ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක JUSTICS FOR ANIMALS & NATURE සංවිධානයේ සභාපති ඕමල්පේ සෝභිත නාහිමියෝ ප්‍රකාශ කළේ මේ ලුසී නැමැති ඇතින්න 1977 වර්ෂයේදී රුපියල් 10,000ක් වැනි මුදලකට ජර්මන් ජාතිකයකු විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගෙන පසුව කැනඩාවේ සත්ත්වෝද්‍යානයක් වෙත ඩොලර් 9,000කට විකුණා ඇති බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment