දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි සඳහා දුම්රිය සේවකයින්ගෙන් අලාභයක් අයකර ගැනීමට රජය ගෙනඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුර පීරිස් මහතා සඳහන් කලේය.
මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 15 ක් හැරුණු විට සියලුම දුම්රිය ගමන් අද (18) අවලංගු කර ඇත.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
කාර්යාල දුම්රිය 15 ක් දුම්රිය වර්ජනය මැද ධාවනයට
