හැටන් – නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබේ.
ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවරගෙන ඇත.
ඒ අනුව එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සහ වෛරසය පැතිරයෑම පාලනය කිරීම සඳහා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දින 10 ක කාලයක් වසා දැමීමට තීරණය කෙරුණි.