ආයුර්වේද ධූමපාන මෙරටට හඳුන්වා දෙයි.

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවායි.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසනවා.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපැයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසනවා.

Related posts

Leave a Comment