මාස්ක් එකට පිටුපෑව 3360 ක් අත්අඩංගුවට

ගතවූ මාස පහමාරක කාලයේදී මුව ආවරණ නොපැළඳී ගමන් ගත් හා සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන ලද පුද්ගලයන් දිවයිනෙන්ම මේ වනවිට තුන්දහස් තුන්සිය හැටදෙනකු (3360) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියා සිටී.

පෙරේදා (16දා) දිනයේ පමණක් නිරෝධායන රිතීන් කඩකළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (17 දා) පැවැසීය.

මෙහිදී තවදුරටත් කතාකළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද කීය.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මාර්තු 17 වැනිදා දක්වා කාලයේදී නිරෝධායන රිතීන් කඩකරපු පුද්ගලයන් 33000 කට අධික පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔබ කුමන ප‍්‍රදේශයක හිටියත් මාර්ගයේ ගමන් කරනවානම් අනිවාර්යයෙන්ම මුව ආවරණය පැළඳගෙන යා යුතුයි. ඒ වගේම පිරිස් එක්රොක් නොවී කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය පුරුදු ඇතිව නිරතුරුව කටයුතු කළහොත් කොරෝනා ව්‍යාප්ත වෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ සඳහා හැම දෙනාගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. නිරෝධායන රිතීන් උල්ලංඝනය කරන අය සොයා මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක කරනවා.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment