LTTE සංවිධානය වලදැමු ආයුධ සොයා කැණිම්

කොටි සංවිධානය විසින් කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී ආයුධ රැසක් වලදමා ඇතැයි සැක කෙරුණු ස්ථානයක ඊයේ (17) දින කැනීම් කටයුතු සිදු කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.
කිලිනොච්ය පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව  පොලීසිය විසින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව භාරතීපුරම් විද්‍යාලය අසලදී මෙම කැනීම සිදු කරන ලදි. කැනීම් කටයුතු සඳහා කිලිනොච්චිය පොලීසිය , කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් සහභාගී වී සිටියහ.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී.සර් වනරාජා මහතාද පැමිණ කැනීම් සිදු කරන අතරතුරදී අධික්ෂණය කළ අතර පැය කිහිපයක් කැනීම් කිරීමෙන් පසුව කිසිදු ආයුධයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මහෙස්ත්‍රාත් ටී.සර් වන රජා මහතා නියෝග කරනු ලැබීය.

Related posts

Leave a Comment