වැඩිහිටියන්ට රහමෙර පොවා තරුණයා කම්සැප විඳලා

ඥාති යුවළකට මත්පැන් පානය කිරීමට සලස්වා ඔවුන් වෙරිමතින් නිදා සිටින අතර තුර ඔවුන්ගේ 14 හැවිරිදි දියණිය කෙළසූ බවට සැකපිට 19 හැවිරිදි තරුණයකු පෙරේදා (16 දා* අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. කොළඹ ප‍්‍රදේශයේ රැුකියාවක නිරත තරුණයා නිවසට පැමිණි විටතම ඥාති යුවළගේ නිවසට යෑම සිදු කරන අතර ඉකුත් දිනක එහි ගොස් මැදි වයසේ පසුවන ඥාති පිරිමියාට හා කාන්තාවට අරක්කු හා බියර් පානය කිරීමට සලස්වා ඇති බව පොලිසිය කියයි. අනතුරුව ඔවුන් නිදාගත් පසුව දැරිය කෙළෙසා ඇත. සිද්ධිය අසල්වැසියකු දැක පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය කියයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. සී. රත්නායක මහතාගේ මගපෙන්වීම මත මින්නේරිය පොලිසියේ කාන්තා හා ළමා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් කුමාරි (4479) මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment