ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට දැමූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල හෙට දකුණු අප්‍රිකාව සමඟ ගැවීමට සුදානම්

මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ රායිපූර්හිදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ස් සීරීස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් පිල අතර හෙට (19) පැවැත්වේ.

තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග කරන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල මූලික වටයේදී එංගලන්ත පිල පරාජය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් අනතුරුව තරගාවලියේ සංවිධාකයන් විසින් ප්‍රසාද ලකුණු සටහන සංශෝධනය කරමින් ඉන්දීය ලෙජන්ඩ් පිලට එහි පළමු ස්ථානය හිමි කර දුන්නේය.

ඒ අනුව දෙවැනි ස්ථානයට පත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල හෙට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන පසුවන දකුණු අප්‍රිකාව සමඟින් දෙවැනි අවසන් පූර්ව තරගයට මුහුණ දෙනු ඇත.

ඉන්දීය පිල මෙන්ම ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කළ තරග 6න් 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 20 බැගින් හිමි කර ගැනීමට සමත් විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය මත ශ්‍රී ලංකාවට +1.771ක් හිමිව ඇති අතර, ඉන්දියාවට හිමිව ඇත්තේ +1.733ක් පමණි. කෙසේ වෙතත් ඉන්දීය පිල ශ්‍රී ලංකා පසු කර ඉදිරියට ගොස් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් තරගාවලි සංවිධායකයන් සඳහන් කර ඇත්තේ මූලික වටයේදී ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකා පිල පරාජය වීම මත ඉන්දීයාවට පෙරමුණ හිමිව ඇති බවයි.

Related posts

Leave a Comment