තාරකා ඉබ්බන් ළඟ තබාගත් බෙල්ලන්තොට නිවැසියාට රු. තිස්දාහක දඩ

දෙහිවල, බෙල්ලන්තොට, සල්මල් මාවත නිවසක නීති විරෝධී තාරකා ඉබ්බන් 28 දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු වනජීවී නිලධාරීන් විසින් ඊයේ (18 දා* දහවල් අත්අඩංගුවට ගනු ලැබූහ.
 
 බෙල්ලන්විල, අත්තිඩිය වනජීවී කාර්යාල නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී නිවසේ තැන තැන සිටි තාරකා ඉබ්බන් සොයා  ගැනීමට හැකිවුණා.
 
 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ තිස්වැනි වගන්තියට අනුව තාරකා ඉබ්බන් නිවසක ඇති කිරීම හෝ සන්තකයේ තබාගැනීම නීති විරෝධී ක‍්‍රියාවක් බැවින් ඒ අනුව මෙම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලැබූ අතර වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවන් සතුන් සුරතලයට හෝ නිවසේ ඇති නොකරන ලෙසයි.
 
 අත්අඩංගුවට පත් සැකකරු අද ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් තිස්දහසක දඩ මුදලක් නියම කෙරුණු අතර සතුන් මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදාහරින ලෙසත් නියෝග කෙරුණු අතර නඩුව යළි කැඳවීම ලබන
 
 23 දාට සිදු කරන ලෙස අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.
 

Related posts

Leave a Comment