චීන තානාපති කාර්යාලයෙන් ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන්ට අතහිත

ශ‍්‍රී ලංකා රේගු නිලධාරීන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී තම රාජකාරී ඉටු කිරීම සඳහා ඔවුන්ගේ දෛනික පරිහරණයට ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් ඉකුත් 15 දා දින පරිත්‍යාග කර තිබේ.
 
 එම උපකරණ අතර ආරක්ෂිත ඇඟලූම් 585 ක්, මුහුණු ආවරණය 50,000 ක්, කේ. එන්. 95 වර්ගයේ මුහුණු ආවරණ 9,600 ක්, අක්ෂි ආවරණ 240 ක් අත්ආවරණ 1,500ක් සහ විෂබීජහරණ ලාම්පු 10 ක් ද විය. මෙම පරිත්‍යාගය ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂෙන්හොන්ග් මහතා විසින් ශ‍්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් ජී. විජිත රවිප‍්‍රිය මහතා වෙත කොළඹ චීන තානාපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

Related posts

Leave a Comment