කොරෝනා හොඳ කර ශී‍්‍ර ලංකාව එක වෙයි

කොරෝනා ආසාදනය පැතිර ගොස් ඇති රටවල් අතුරින් මේ වන විට කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ ඉහළම අනුපාතය වාර්තා වන රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි ප‍්‍රතිශතය ඊයේ (18දා* දිනය වන විට සියයට 96.47ක් බවත් සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය කියා සිටියි.
 
 මෙතෙක් වැඩිම කාලයක් ඉහළම කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ අනුපාතය වාර්තා වූ ඉන්දියාව මේ වන විට දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර එරට ආසාදිතයන් සුවපත් වීමේ අනුපාතය සියයට 96.41ක් බව කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
 
 ඊයේ දිනය වන විට ගෝලීය කොරෝනා ආසාදිතයන් සුවපත් වීමේ අනුපාතය සියයට 80.6ක් විය. මේ වන විට ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4138ක් වෙයි.

Related posts

Leave a Comment