ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් සහ දකුණු අප‍්‍රිකා ලෙජන්ඞ්ස් අවසන් පූර්ව තරගය අද

රෝඞ් සේෆ්ටි ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු ලෙජන්ඞ්ස් කණ්ඩායම අතර තරගය අද (19 වැනිදා* ප. ව. 7.00ට ඉන්දියාවේ රායිපුර්හිදී ආරම්භ වීමට නියමිතය.
 
 ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර දකුණු අප‍්‍රිකානු ලෙජන්ඞ්ස් කණ්ඩායමට ජොන්ටි රෝඞ්ස් නායකත්වය දෙයි.
 
 මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අනිද්දා (21 දා* ඉන්දියාව සමග අවසන් මහ තරගයට ප‍්‍රවේශ වනු ඇත.
 
 ශ‍්‍රී ලංකා ලෙජන්ඞ්ස් කණ්ඩායම මූලික වටයේ තරග 6න් 5ක් ජයගෙන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර දකුණු අප‍්‍රිකාව තරග 6න් 4ක් ජයගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරන්ත ඩිල්ෂාන් මේ තරගාවලියේදී තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්‍ෂතා දක්වා ඇති අතර, උපුල් තරංග, චාමර සිල්වා, ෆර්වීස් මහරාජ්, රංගන හේරත්, නුවන් කුලසේකර යන ක‍්‍රීඩකයන් ද ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙහිදී විශිෂ්ට දක්‍ෂතා පෙන්නුම් කිරීමට සමත් වූහ.
 
 මෙම තරගය ඊයේ (18 වැනිදා* පැවැත්වෙන බවට විදෙස් මාධ්‍ය සහ ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් වෙබ් අඩවි ඊයේ හවස් වනතුරු ද වාර්තා කළ තිබූ අතර පසුව ඒවා වෙනස් කරමින් තරගය අද පැවැත්වෙන බවට සටහන් කර තිබිණි.

Related posts

Leave a Comment