ශ්‍රී ලංකා Legends තියුණු තරඟයකින් පසු අනුශූරයින් ​​වේ

Legends කණ්ඩායම් අතර පැවති Road Safety World Series තරඟාවලියේ අද පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා Legends කණ්ඩායම පරදා ලකුණු 14 ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය Legends කණ්ඩායම සමත් වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 181 ක් රැස් කළා. එය හඹා ගිය ශ්‍රී ලංකා Legends කණ්ඩායම​ට පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි. ඒ අනුව ඉන්දීය Legends කණ්ඩායම තරඟාවලි​යේ ජය හිමි කරගත් අතර ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟාවලියේ අනුශූරයින් බවට පත්වුනා. අද තරඟයේදී සනත් ජයසූරිය පන්දු 35 කදී ලකුණු 43ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, චින්තක ජයසිංහ පන්දු 30 කදී ලකුණු 40 ක්ද, කෞෂල්‍ය වීරරත්න පන්දු 15 කදී ලකුණු 38 ක් ලබාගත්තා.

Related posts

Leave a Comment