පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය පස්වන දිනටත්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands – 1’යුද අභ්‍යාසයේ හතරවන දිනය වූ ඊයේ (20) මින්නේරිය ජාතික වනෝද්‍යානය , සීගිරිය සහ එහි කෞතුකාගාර යන ස්ථාන නැරඹීමෙන් පසු මින්නේරිය යුද්ධ හමුදා පුහුණු පාසල් පරිශ්‍රයට පැමිණ එහිදි දිවා ආහාරය ලබාගන්නා ලදී.  ඉන්පසුව අභ්‍යාසයේ පස්වන දිනය (21) වන අද දින යුධ හමුදා පුහුණු පාසල මාදුරුඔය වෙතින් පවත්වනු ලබන ජීව වෙඩිතැබීම් සහ නගරබද සටන් පුහුණුව සදහා සහභාගිවන ලදී.  එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙති.  ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ උපදෙස් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands – 1’ සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න කටයුතු කරයි.

Related posts

Leave a Comment