සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(22) අලුයම නිමා වුණා.
තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.
ළහිරු තිරිමාන්න ලකුණු 70ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 32ක් රැස් කරමින් ඉනිමට යම් ශක්තියක් ලබා දුන්නා.
නායක දිමුත් කරුණාරත්න ලකුණු12 යි.
සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර නොගිය අතර, මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ පැතුම් නිස්සංක ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි.
පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 27ක් ලබා දෙමින්.
ඒ අනුව කොදෙව්වන් මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 156ක්.