ශ්‍රී ලංකා කි‍්‍රකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන රන්ජන් සිල්වා මහතාගේ ඝාතනයේ සැකකරුවකු බව කියන ‘රත්මලානේ සුද්දා’ නමැත්තා මත්කුඩු ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 650 ක් සමඟ ඊයේ (21 වැනිදා) අත්අඩංගුවට ගත් බව අ`ගුලාන පොලිසිය පවසයි.
රත්මලාන පදිංචි සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සම්බන්ධව නඩු කීපයක් තිබෙන බව ද පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව අගුලාන දෙවට පාර ප්‍රදේශයේ පාලම අසළදී සැකකරු කොටුකරගෙන තිබේ.
මොහු බන්ධනාගාරගතව හිඳ ඇප මත පැමිණ වැඩි දවසක් නැතැයි ද සැකකරු අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වූවකු බව ද පොලිසිය පවසයි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත