ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
පන්ජාබ් කණ්ඩායමට බැංගලෝර් කණ්ඩායම විසින් ලබාදී තිබූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 205කි.
ඊට ප්‍රතිචාර දක්වමින් පන්දු වාර 19ක් පමණක් වැය කරමින් කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 208ක් ලබා තරගය ඔවුන් ජයග්‍රහණය කළේය.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉතාමත් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22කට ලකුණු 43ක් ලබා ගත්තේ හයේ පහර 4ක්ද එල්ල කරමිනි.
ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ශරීර යෝග්‍යතාව ප්‍රමාණවත් නැති බව දන්වමිනි.