Covid-19 යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීමත් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන Miami Beach හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. සෙනසුරාදා දිනයේ හදිසි නීතියක් ප්‍රකාශයට පත්කර මෙසේ ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත. පාලනයෙන් තොර ජනතාව සමග මෑත දිනවල ප්රචණ්ඩ ක්‍රියාවල වැඩිවීමක්ද එහි වාර්තා වී තිබේ. නගරයේ රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානය වන දකුණු වෙරළ තීරයෙන් අමුත්තන් බැහැරව සිටිය යුතු අතර රාත්‍රී 8.00 ට අවන්හල් වසා දමනු ඇත. එමෙන්ම මියාමි හා සම්බන්ධ වන පාලම් තුනක් දැන් රාත්‍රී 10.00 සිට පෙ.ව.6.00 දක්වා ගමනාගමනය සඳහා වසා තැබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ කැලිෆෝනියා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලට වඩා වඩා තුන්වන වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන්නේ ෆ්ලොරිඩාවෙනි.
ජනතාවගේ පාලනයෙන් තොර වීම නිසා “Miami Beach” හි ඇඳිරි නීතිය පනවයි
