නව පොලිස් ස්ථාන 197ක් ඉදි කරයි

අපරාධ, මත්ද්‍රව්‍ය, මුදල් විශුද්ධිකරණය සහ දූෂණයෙන් රට මුදා ගැනීම අරමුණු කොට ගනිමින් රට පුරා නව පොලිස් ස්ථාන 197ක් ස්ථානගත කොට නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජය සැරසෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පොලිස් දෙපාර්තමේන්තුව මෙසේ ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇති බව රජයේ ආරංචි මාර්ගයක් ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය. ඒ අතරම පොලිස් සේවාව සහ මහජනතාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රධාන යටිතල පහසුකම් ලෙස ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙනුත් රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 178.37ක වියදමින් ත්‍රීරෝද රථ 2000ක් මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment