නිල ඇඳුමින් විරෝධයට ආ පොලිස් සැරයන්ට වැඩ වරදී!

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග  ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කුට්ටිගල පොලිස් ස්ථානය අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට  හඳුනාගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථාන රැසක සේවය කරමින් සිටියදී විවිධ විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධ වී වැඩ තහනමට ලක්කර තිබියදී අතිශය සානුකම්පිත හේතුන් මත නැවත සේවයේ පිහිටු වූ පුද්ගලයකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සිරිපාගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී ස්ථානාධිපතිවරයාට නොදන්වා මොහු ගාලු මුවදොරට පැමිණ ඇති බවද හෙතෙම කියා සිටී.

Related posts

Leave a Comment