කොන්වෝල් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන විට ඉදිරියෙන් සිටීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විණි.

දිනය නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 268ක් රැස්කිරීමට ඔවුන් සමත් විය.

ජෝෂුවා ද සිල්වා සහ රකීම් කෝන්වොල් 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සබඳතාවයක් තබමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ශක්තිමත් කළහ.

ජෝෂුවා ලකුණු 46යි. කොන්වෝල් නොදැවී ලකුණු 60යි.

පන්දු යැවීමෙන් සුරංග ලක්මාල් ලකුණු 45ට කඩුලු 5යි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 169ක් පමණි.

Related posts

Leave a Comment