රන්ජන් රාමනායකගේ මෝසම ප්‍රතික්ෂේප වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලා ඉදිරිපත්කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. අධිකරණයට අපහාස කොට ඇති බවට රංජන් රාමනායක මහතා එරෙහි නඩුව විභාග කොට තීන්දුව ලබාදුන් සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේම රන්ජන් රාමනායක මහතාට නියම කළ බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ මෝසම යළි සලකා බැලන ලදී.

රන්ජන් රාමනායක මහතා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් කිරීමට ඔහුට නීතිමය හිමිකමක් ඇතැයි සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් පත‍්‍රය මාර්ගයෙන් දැනුම් දී තිබිණි.

ඒ අනුව අදාළ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමට අවසර දෙන්නැයිද එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයිද රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම මෝෂන් පත‍්‍රයෙන් ඉල්ලා තිබිණි.

Related posts

Leave a Comment