කටුනායක මෙහෙයුම් කටයුතුවල වර්ධනයක්

අද (23) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ කටුනායක ගුවන්තොටුපළ ගුවන් මගීන් 1260 දෙනෙකුට පහසුකම් සලසා දී තිබේ.

එම කාලසීමාව තුළ ගුවන්යානා 12 කින් මගීන් 637 දෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන් 84 දෙනෙකු බහරේන් සිට සහ 83 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි හි සිට පැමිණි තිබේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායන සඳහා යොමු කර තිබේ.

මේ අතර ගුවන්යානා 9 කින් එම කාලය තුළ මගීන් 623 දෙනෙකු, විදෙස්ගතවී ඇති අතර ඉන් 169 දෙනෙකු සෞදි අරාබියටත් 103 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා වෙතත් පිටව ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Related posts

Leave a Comment