තායිලන්තය නව කොරෝනා එන්නතක් අත්හදා බලයි

තායිලන්තය කොවිඩ් – 19 වෛරසයට එරෙහිව නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කර තිබේ. 

තායිලන්තයේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මෙම එන්නත ඊයේ (22) අත්හදා බැලීම් ආරම්භ කර ඇති අතර එය ලබන වසර වන විට භාවිතය සදහා යොදාගත හැකිවනු ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත එරට තුළ ලබා දීම ආරම්භ කර ඇති අතර මෙම වසර අවසානය වන විට මිලියන 61 ක සංඛ්‍යාවකට එන්නත ලබා දීමට ඉලක්ක කර ඇති බව සදහන්වේ. 

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment