විසදගන්න නොහැකි වූ කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑ වෙයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කලේ තමන්ට දේශපාලනික වශයෙන් මඩගැහුවත් , ජෙයරාජ් අමාත්‍යතුමාටත් විසදගන්න නොහැකි වූ ඉලක්කය වුන ජනතාවගේ ජලසිහිනය කෙසේ හෝ කටාන ආසනයේ ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට හැකිවීම පිළිබදව තමන් බෙහෙවින් සතුටට පත්වෙන බවයි.

 අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කටාන දෙමංහන්දියේ පැවැති කටාන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.  

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කර සිටියේ තමන්ගේ ආදරණිය සගයා වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මේ වෙලාවේ සිහිපත් කල යුතු බවත් ඔහු කටාන ආසනය නව මානයකට යොමුකල බවත් ඔහුගෙන් පසු එම කටයුතු ආපසු හරවන්නට නොදී ඉදිරියට ගෙනයන්නට එතුමාගේ මැතිණියට හැකිවී ඇති බව මෙහිදී සදහන් කරන ලදි.

කටාන ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 79ක් ඇති බවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොල පිහිටා තිබෙන අතර ලංකාවේ විශාලම නිදහස් ආයෝජන කලාපයද පිහිටා තිබෙන නමුත් කටානේ ජනතාව බොන්න වතුර නැතුව විශාල දුකක් විදපු ජනතාවක් නියග කාලයට බවුසර් එනතුරු මගබලාගෙන සිටි බවත් අමාත්‍යවරිය මෙහිදී සදහන් කර සිටියාය.

කටාන ජල යෝජනා ක්‍රමය සදහා වෙන්වී ඇති මුළු මුදල රුපියල් මිලියන 13000ක් වන අතර ග්‍රාම‌සේවා වසම් 45ක් ආවරණය වන පරිදි උතුරු කුලුන බම්බුකුලියෙන්ද, මධ්‍යම කුලුන තිඹිරිගස්කටුව කුලුනෙන් සහ දකුණු කුලුන ආඩිඅම්බලම කුලුනෙන් යුක්ත ප්‍රධාන ජල කුලුනු 03කින් සමන්විත වන අතර එක් කුලුනක ජල මීටර් කියුබ් 2000ක ධාරිතාවයකින් යුක්ත අතර සමස්ත ධාරිතාව ජල මීටර් කියුබ් 6000කි.

එම කුලුනු සදහා ජල සම්ප්‍රේෂණය කිලෝ මීටර් 12ක් වන අතර ජලය බෙදාහැරීම කිලෝ මීටර් 240ක ප්‍රදේශයක් ආවරණය කෙරේ.

මෙමගින් ප්‍රදේශයේ 100,000කට වැඩිපිරිසකට සෙත සැලසෙයි.  

මෙම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමග රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, නිමල් ලංසා යන මහත්වරු සමග ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම්තුමා, ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය එක්වී සිටියහ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment