පාකිස්තාන ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය හත්වන දිනටත්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත ආරම්භ කෙරුණු ‘Shake Hands – 1’යුද අභ්‍යාසයේ හත්වන දිනයටත් අද (23) ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරි‍ශ්‍රෙය්දි පවත්වනු ලැබිණ.

එහිදි පාකිස්තාන ජාතික දිනය සැමරුමට සමගාමීව පාඨමාලාවේ අයවලුන්ගේ සහභාගීත්වයෙන් චාම් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදි.

අද දිනද පාඨමාලාවේ දේශණ සහ නිදර්ශන පවත්වනු ලැබීය.

එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට පාකිස්තාන යුද්ධ හමුදාවේ නිලධාරීන් හය දෙනෙකු සහ සෙසුනිලයන් 35 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 40 දෙනෙකු මේ සඳහා සහභාගී වෙති.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් තිලක් හංගිලිපොලගේ උපදෙස් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ‘Shake Hands – 1’ සමස්ත අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩිර් සංජීව ප්‍රනාන්දු කටයුතු කරන අතර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ඩබ්ලිව්.එස්.එල් හේමරත්න කටයුතු කරයි.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment