GMOA මගින් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ දැනුවත් කිරීමක්

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ (22) දිනයේ ද පුද්ගලයින් 8,500කට ආසන්න පිරිසකට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්“ එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.  කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණි. සෞඛ්‍ය අංශ සඳහන් කරන පරිදි ඊයේ දිනයේ සිට කොවිෂීල්ඩ් එන්නත බස්නාහිර පළාතෙන් පිටත ජනතාවට ලබාදීමේ කටයුතු ද ආරම්භ කර ඇත වසංගත රෝග විද්‍යා අංශය වාර්තා වලට අනුව මේ දක්වා එම එන්නත ලබාදී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 838,355කි මේ අතර එන්නත්කරණ වැඩසටහන සදහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

Leave a Comment