කරන හැම දේකටම වල කපන දේශපාලුවන්ගෙන් රාජ්‍ය නිලධාරියෙකු කළ සංවේදී කාරුණික ඉල්ලීමක් (VIDEO)

වෙරළ කලාපයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා සැලසුම් කරමින් දියත් කළ කෘතිම මෘදු වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය හරහා ගල්කිස්ස  සිට කළුතර දක්වා වෙරළ  සංරක්ෂණය කිරීමට කටයුතු කෙරෙණි.

මෙය රු මිලියන 890 ක ව්‍යාපෘතියකි, ගල්කිස්ස  වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සදහා පමණක් නොව, කළුතර කැලිඩෝ වෙරළ සහ රත්මලාන හි අඟුලාන  වෙරළ පෝෂණය කිරීමට ද මෙම ව්‍යාපෘතිය උපකාරී විය. අද වන විට එය හැබැහින් අත් විදිය හැකි සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.

නමුත් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ෂවයන් විසින් මෙම ව්‍යාපෘතියේ අගුණ වයමින් සමාජය තුළ දුර්මත පතුරුවන්නට විය. බොහෝ දෙනා මෙම ව්‍යාපෘතිය අපහාසයට උපහාසයට ලක් කරමින් කටයුතු කළේය. විශේෂයෙන් දේශපාලනඥයන්ය . ඒ අතර චම්පික රණවක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හර්ෂද සිල්වා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස්, එජාපයේ දේශපාලනඥයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් පෙරමුණ ගත්හ. එවැනි දේශපාලනඥයන්ට පිළිතුර දෙමින් ගල්කිස්ස වෙරළ තීරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීයෙකු විසින් ඉතාමත් සංවේදී කාරුණික ඉල්ලීමක් සිදු කර තිබිණි.

එහි සඳහන් වූයේ මෙවැන්නකි..

“රාජ්‍ය නිලධාරින් වශයෙන් අප මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා සමාජ මාධ්‍ය ජාලා හා අනෙකුත් මාධ්‍ය මගින් මේ පිළිබඳව කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති පුද්ගලයින් නැගූෙ අපවාද අවලාද අපමණයි. මෙම ව්‍යාපෘතිය අපහාසයට උපහාසයට සමච්චලයට ලක් කොට බොහෝ පුද්ගලයින් සිනාසුනි. ගල්කිස්ස වෙරළ දැකලාවත් නොමැති අය මේ ව්‍යාපෘතිය ගැන බොහෝ අපහාස සටහන් තබා තිබුණි.
මේනිසා රාජ්‍ය නිලධාරින් වශයෙන් අප බලවත් අපහසුතාවයකට පත්වුණි. එනිසා මානසිකව ඇදවැටුනු වාර ගණන අපමණයි. අවංකව දේශපාලන බේදයකින් තොරව වැඩ කරන රාජ්‍ය නිලධාරින් පිළිබඳව සමාජය මීට සංවේදි විය යුතුය.
නමුත් අද වෙනවිට සියල්ලටම සත්‍ය පසක් වී තිබෙනවා .එම ව්‍යාපෘතියේ සාර්ථකභාවය අද වෙන විට ඕනෑම අයෙකුට තමන්ගේ දෑසින් දැක ගැනීමට හැකි වෙනවා . නමුත් දැන් සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් මාධ්‍යක් ඒ පිළිබඳව කතා නොකරයි. සාර්ථකත්වයන් ගැන කතා කිරීමත් මාධ්‍යයට අකැප දෙයක් නොවේ.
එනිසා රාජ්‍ය නිලධාරින්ට තමන්ගේ කාර්‍ය නිසි පරිදි ඉටුකිරිමට සහය දිය යුතු නොවේද?
රජයේ නිලධාරින් අධෛර්යයට අපහසුතාවයට පත් කිරිම නොව අවංකව දේශපාලන බේදයකින් තොරව නිසි පරිදි වැඩකිරිම සඳහා ධෛර්යය සැපයීම කළ යුතුය.”

Related posts

Leave a Comment