අපවත් වී වදාළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කිරීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට (25) දිනයේ වසා තැබෙනු ඇත.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
හෙට දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
