විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිනේ

ගුවන් යානා 15 කින්  ගුවන් මගින් 1,140  දෙනකු කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි . ඒ අතර මාලදිවයිනේ මාලේ  සිට ගුවන් මගීන් 149 දෙනෙකු ද ,  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  ඩුබායි සිට ගුවන් මගීන් 147 දෙනකු ද කටුනායක ගුවන්තොටුපල පැමිණ  තිබුණි .

ශ්‍රී ලංකා යුධ  හමුදාව විසින් පැමිණි මෙම ගුවන් මගීන්  සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සඳහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි . මෙම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එංගලන්තය , ඇමරිකාව ආදී රටවලින්  විදේශීය සංචාරකයන් 122 දෙනෙකු ද කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .



Related posts

Leave a Comment