පෙරදිග විගමනික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට සංචාරක නිකේතන වෙන් කරයි

මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි  නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ඉතා කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වූ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය දා උපදෙස් දෙන ලදි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඒ යටතේ පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එකී නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව මේ විගමනික ශ්‍රමික නිරෝධායන මධ්‍යස්ථාන සඳහා තෝරාගෙන ඇති හෝටල් සහ සංචාරක නිකේතන වන්නේ වැලිගම ජගාබේ රිසෝර්ට්, පැරඩයිස් බීච් සහ නෙප්චූන්  රිසෝර්ට්, හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්,වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්, දික්වැල්ල විලා ජයනන්ද,මීගමුව කැටමරාන්,අහංගම ජයන්ති සර්ෆ් සහ තංගල්ල සැන්ටන් රිසෝර්ටි යන හෝටල් සහ නිවාඩු නිකේතනයි. මෙහි දී  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබයි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ මෙම නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කරන බවයි. එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගනු ලබයි. ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ  රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කරයි.

ඒ අනුව මේ වන විට විදේශ රටවල රැකියා සඳහා ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් මේ පිළිබඳ දැනුවත් කර,ඔවුන් කණ්ඩායම් වශයෙන් මෙකී  නිරෝධායන  මධ්‍යස්ථාන සඳහා යොමු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ තානාපති කාර්යාල දැනුවත් කර ඇත.

#dawasenews #news #srilanka

Related posts

Leave a Comment