අනුර කුමාරගෙන් දේශපාලන පළි ගැනීම් කොමිසමට එරෙහිව පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (24) ඉදිරිපත් කළේය. එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉකුත් ජනවාරි මස 18 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණය බල රහිත කරන ලෙසද මේ පෙත්සමෙන් ඉල්ලා තිබේ. එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවට පෙත්සම මඟින් චෝදනා කර තිබේ.

එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම්, කැබිනට් මණ්ඩල ලේකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්, නීතිපති සහ පොලිස්පතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

#dawasenews #news #srilanka #catholic #school

Related posts

Leave a Comment