ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගැනේ

ද්විත්ව විකෘති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද ඉන්දියාවෙන් හඳුනාගෙන ඇතැයි ඊයේ (24) වාර්තා විය.

අදාළ පරීක්ෂාව සඳහා ලබාගෙන ඇති මුළු සාම්පල ගණන 10787 කි.

ඉන්, 736 ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදයට අයත් ය.

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් සොයාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේද සහිත සාම්පල ද එහිදී හඳුනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

වසරේ ගත වූ කාලසීමාව තුළ ඉන්දියාවේ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ඊයේ(24) වාර්තා විය.

එම සංඛ්‍යාව 47,262 ක්.

පැය 24 ක් තුළ එරටින් කොරෝනා මරණ 275 ක් ද වාර්තා විය.

ඉන්දීය රජය පවසන්නේ නව ආසාදිතයින් වාර්තා වීම සහ ද්විත්ව විකෘති ප්‍රභේද වාර්තා වීම අතර කිසිදු සබඳතාවක් නොමැති බවයි.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 12 කට ආසන්නයි.

එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව, එක් ලක්ෂ 60,726 කි.

Related posts

Leave a Comment