තිදරු මවක් බස් රථයකට යටවී මරුට

අද (25) බස් රථයකට යට වීමෙන් මොරන්තුඩුව දෙල්දූව ප්‍රදේශයේ දී වයෝවෘද්ධ කාන්තාවක් මිය ගිය බව මොරොන්තුඩුව පොලීසිය පවසයි. අනතුරින්  මියගොස් ඇත්තේ එල්. මාග්‍රට් කුසුම ලතා ප්‍රනාන්දු නැමැති 71 හැවිරිදි තිදරු මවකි. දෙල්දූව විහාරස්ථානය ආසන්නයේ වෙළඳ සැලක් අසල ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යාමට බස් රථයක් එනතුරු රැඳී සිට ඇති කාන්තාව කළුතර දෙස සිට බස් රථය පැමිණෙන අයුරු දැක පාර මාරුවීමට යාමේදී  එම බස් රථයේ ඉදිරිපස,රෝදයකට යටවී ඇතැයි පොලිසිය සදහන් කරයි.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ  තුවාල ලැබූ කාන්තාව කුඩා  ලොරි රථයක නංවා ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර,  නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.

Related posts

Leave a Comment