නඩුව සමථ කර ගැනීමට මාරුකාසි පිරවූ මල්ලක් අධිකරණයට ගෙනා විත්තිකරු රිමාන්ඞ්

නඩුවක් සමථ වීමට මාරු කාසිවලින් පිරවූ මල්ලක් පුරවාගෙන ආ විත්තිකරුවකු අධිකරණයට අපහාස කිරීමක් සේ සලකා නඩුව සමථ වීමට ගෙවිය යුතු රුපියල් 5000 නැවත මාරු කරගෙන එන තෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගතකීරීමේ තීන්දුවක් තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් රමිලා නදීශානි මහත්මිය විසින් ඊයේ (24 දා) නියෝග කර සිටියාය.

පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීම සහ රන් මාලයක් කඩා අනර්ථයක් සිදු කිරීම යන චෝදනාවන්ට එප්පාවල පොලිසිය විසින් ඉදිරිපත් කර තිබූ බී වාර්තාවකට අනුව විත්තිකරුට මෙම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් තිබී ඇත.

මෙකී නඩුව පැවති පසුගිය නඩු වාරයේදී රුපියල් 5000 කට සමථ වීමට දෙපාර්ශ්වය අධිකරණය ඉදිරියේදී පළකළ කැමැත්තට අනුව මෙදින නඩුව යළි කැ`දවා තිබිණ.

නඩුව කැදවන අවස්ථාවේ පැමිණිලිකාරිය සහ විත්තිකරු අධිකරණයේ පෙනී සිටි අතර නඩුව සමථ වීම සදහා පොරොන්දු වූ මුදල පැමිණිලිකාරියට ලබාදෙන ලෙස මහෙස්ත‍්‍රාත්වරිය විත්තිකරුට පැවසීමත් සමග විවෘත අධිකරණයේ සිටි විත්තිකරුගේ බිරිද විසින් ගණන් කිරීමටද වේලාවක් ගතවන පරිදි ගෙනැවිත් තිබූ මාරු කාසි බෑගයක් අධිකරණය ඉදිරියේදී පැමිණිලිකාරියට ලබාදීම සදහා විත්තිකරුට ලබා දී ඇත.

මෙලෙස මාරුකාසි බෑගයක් ඉදිරිපත් කිරීමෙන් විමතියට පත් වූ මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස අධිකරණය අපහසුතාවට පත්වන අයුරින් ලබාදුන් මාරු කාසි යළි මාරු කරගෙන එනතෙක් විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත්, මෙවැනි දේ සිදු නොවීමට විත්තිකරු දැනුවත් කිරීමට තිබූ බවත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියට උපදෙසක්ද ලබාදුනි.

විත්තිය වෙනුවෙන් තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරියක වන සංජීවනී රත්නායක පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් එප්පාවල පොලිසිය කරුණු දක්වා සිටියේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment