සූවස් ඇළේ සිර වූ ලෝක ආර්ථිකය

පසු ගිය 22 වැනිදා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ එවර්ග්‍රීන් නැව් සමාගමට අයත් පැනමාවේ ලියාපදිංචි නැවක් සූවස් ඇළ මාර්ගයේ දී අනතුරට ලක්විය

සූවස් ඇළ මාර්ගය ප්‍රදේශයේ පැවැති දරුණු සුළං තත්ත්වය හේතුවෙන් නෞකාව අනතුරට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙම නැව් අනතුර සිදු වී අදට දින 05 ක් ගත වී ඇතත් තවමත් නැව සූවස් ඇළ මාර්ගයේ සිර වී ඇත

මේ හේතුවෙන් සූවස් ඇළ මාර්ගය හරහා නැව් ගමනාගමනය ඇනහිටී ඇති නිසා ලෝක ඉන්ධන මිළ හා අනෙකුත් ආහාර මිල ගණන් වල ඉහළ යෑමේ තත්ත්වයක් මේ වන විට ඇතිව තිබේ

අදාළ නෞකාව සිරවීමත් සමඟ යුරෝපය හා ආසියාව අතර සැපයුම් මාර්ග සහමුලින්ම ඇනහිට ඇති අතර මේ වන විට මෙම නැව් මාර්ගයේ නෞකා 300ක් පමණ සිර වී ඇති බව වාර්තා වෙයි

සූවස් ඇළේ සිර වූ නෞකාව ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නෞකාවක් වන අතර මේ වන විට එහි කන්ටේනර් 20000 ක් පමණ පවතින බව සඳහන් වෙයි

ටග් යාත්‍රා 08 ක් යොදා ගෙන නෞකාව ඉවත් කිරීමට කටයුතු කළ ද තවමත් එය සාර්ථකත්වයට පත් වී නැත

Related posts

Leave a Comment