නඩත්තු ගින්දරෙන් අඹු සැමියෝ පිච්චෙති නඩත්තු පැමිණිල්ල ගිය දුරක්‌….

තාත්තා අවුරුදු ගාණක ඉදලා ඔය දේ කිය කියා හිටියේ. අම්මයි තාත්තයි බහින්බස් වන හැම වෙලාවෙම කිව් දේ අද වුණා යැයි ගම්පොල වත්තේහේන අගුරුමුල්ල ප‍්‍රදේශයේදී සිදු වූ අති බිහිසුණු මිනිස් මරණ දෙකෙහි මූලික සාක්‍ෂි විමසූ ගම්පොල වැඩ බලන මහේස්ත‍්‍රාත් රංජිත් පේ‍්‍රමරත්න මහතා ඉදිරියේදී ඔවුන්ගේ දියණියක වන නිලූෂා රණවීර මදනායක නැමැත්තිය පැවසූවාය.

අගුරුමුල්ල ප‍්‍රදේශයේ පදිංචි චාර්ල්ස් රණවීර මදනායක හා චාන්දනී සිල්වා යන අඹු සැමි යුවළ නිවස තුළ සම්පූර්ණයෙන් පිළිස්සී මියගොස් සිටියදී ගම්පොල පොලිසිය සොයාගෙන තිබුණි.

එම මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මෙම මරණ පරීක්‍ෂණ පැවැත්විණි. එහිදී හෙළි වූ කරුණු අනුව කතාව මෙසේය.

මෙම අඹු සැමි යුවළ අතර දීර්ඝ කාලයක සිට ආරවුල් තිබී ඇති අතර මේ නිසාම එකම ඉඩම තුළ සැමියා වෙනමත් බිරිඳ වෙනමත් ජීවත්ව ඇත.

වෙන්ව සිටියත් දරුවන් දෙදෙනකුගේ මවුපියන් වන මොවුන්ගේ ආරවුල් නිම නොවීය. විවාහක මේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු විදේශගතව සිටි අතර නිලූෂා නමැති දියණිය ද දෙමාපියන් සමග එම ඉඩමේම වෙනම පදිංචිව සිට ඇත.

මියගිය මදනායක සතු විශාල කුකුළු ගොවිපළක් ද තිබූ අතර එයද එම ඉඩමේම තිබුණි.

බිරිඳ වෙනම ජීවත්ව සිටියද ඇය විසින් පවරන ලද නඩත්තු නඩුවකින් පසු මදනායක විසින් ඇයට මාසිකව රුපියල් දොළොස් දහසක් ලබා දෙමින් සිට ඇත.

මෙම නඩත්තු මුදල මදි යැයි 57 හැවිරිදි බිරිඳ යළි ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කොට තිබූ අතර 68 හැවිරිදි මදනායකගේ කේන්තිය මේ නිසා උත්සන්න වී තිබුණි.

පෙරේදා 24 වැනිදා මේ ආරවුල සම්බන්ධයෙන් මදනායකට යළි පොලිසිය වෙත යෑමට සිදු වී ඇත. ඊට පෙර ඔහු කාටත් හොර රහසේ තමන්ගේ නිවස තුළදී බිරිඳ ඝාතනය කරන බවට ලිපියක් ලියා නිවසේ තිබූ ලීටර් 20 පෙට‍්‍රල් කැන් එක ද රැුගෙන දියණියගේ නිවසට පහළින් ඇති බිරිඳගේ නිවස වෙත ගියේය.

පෙට‍්‍රල් කෑන් එක රැගෙන සීයා ආච්චිගේ නිවස දෙසට යන අයුරු ඔවුන්ගේ මුණුබුරා වන මධුෂාන් අබේරත්න ද දුටුවේය. ටික වේලාවකින් අයියෝ ගහන්න එපා. ගහන්න එපා යැයි ආච්චි කෑගසන හඬද මුණුබුරාට ඇසුණේය.

නමුත් වියරු වී සිටි මදනායක සිදු කර ඇත්තේ බිරිඳගේ නිවස තුළට විත් නඩත්තු මුදල ගැන යළි ආරවුලක් ඇතිකර ගැනීමයි.

ඒ අනුව ඔහු විසින් රැගෙන ආ තියුණු පිහිය බිරිඳ වන චාන්දනීගේ ගෙළ දෙසට පහත් වුණේ ඇගේ නිවසේ කඩුල්ලෙන් පිටදීය.

ඉන්පසු ලේ විලක් මැද ඇදවැටුණු චාන්දනීගේ සිරුර ඔහු ඇගේ නිවස තුළට ඇදගෙන ගොස් කාමරයක් තුළට දමා ඇත.

අනතුරුව ගෙනවිත් තිබූ පෙට‍්‍රල් කෑන් එක මදනායක ඇයගේ සිරුරටත් ඔහුගේ සිරුරටත් හලා ගත්තේය.

එම විශාල පෙට‍්‍රල් තොගය නිවස පුරා ගලද්දී මදනායක එයට ගිනි ඇවුළුවේය.

එකවරම විශාල ගිනි ජාලාවක් මතු වුණේ ඔවුන් දෙදෙනාගේ සිරුරු පමණක් නොව නිවසද විනාශ කරමිනි.

මේ සියල්ල මුණුබුරා වන මධුෂාන් දැක ඇති අතර ඉතා කෙටි කලකින් සිදු වූ මේ දේ ගැන තම දෙමාපියන්ටත් ඥාතීන්ටත් දන්වා අනතුරුව මේ බව පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දන්වා තිබේ.

වැඩබලන මහෙස්ත‍්‍රාත් රංජිත් පේ‍්‍රමරත්න මහතා වෙත ද මෙම කරුණු මූලික විභාගයේදී මධුෂාන් පැවසූ අතර මෙහිදී වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා ඒ සියල්ල නිරීක්‍ෂණය කළේය.

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සිවසුබ‍්‍රමනියම් මහතා ද මෙම ස්ථානයට පැමිණ දැවී අළු වී ගිය සිරුරු දෙක නිරීක්‍ෂණය කළේය.

මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සඳහා ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න, අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. කපිල බණ්ඩාර, ප‍්‍ර. පො. ප. සම්පත් රණසිංහ, ප‍්‍ර. පො. ප. නන්දන කුමාර ඇතුළු නිලධාරී කණ්ඩායමක් පැමිණ සිටියහ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ 25දා මහනුවර මහ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.
උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment