උතුරු කොරියාව බැලස්ටික් මිසයිල 2ක් ජපාන මුහුදට එල්ල කරලා

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර ඇති බව එක්සත් ජනපදය හා ජපානය පවසයි. ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු සිදු වූ එවැනි පළමු පරීක්ෂණය ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුද ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම ප්යොංයැං වෙත තහනම් කර ඇත. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම මෙම පරීක්ෂණය හෙළා දැක තිබේ.

උතුරු කොරියාව බැලස්ටික් නොවන මිසයිල දෙකක් කහ මුහුදට එල්ල කළ බව වාර්තා වී දින කිහිපයකට පසුව මෙය සිදු වී ඇත. ජපානය කියා සිටියේ තම නීත්‍යාණුකූල මුහුදු සීමාව තුළ සුන්බුන් කිසිවක් වැටී නොමැති බවයි. ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා කියා සිටියේ මෙම පරීක්ෂණය මගින් “උතුරු කොරියාවේ නීති විරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය” ඉස්මතු කර ඇති බවයි.

බයිඩන් මහතා තවමත් නිල වශයෙන් අදහස් දක්වා නොමැත. අඟහරුවාදා ඔහු බැලිස්ටික් නොවන මිසයිල දියත් කිරීමක් සති අන්තයේ සිදු කළ අතර එය එක්සත් ජනපදය එය ප්‍රකෝප කිරීමක් ලෙස නොසලකන බව කියා සිටියේය. එම කෙටි දුර මිසයිල කාලතුවක්කු හෝ කෘෘස් මිසයිල යැයි සිතූ අතර ඒවා උතුරු කොරියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා යටතේ තහනම් කර නැත.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Related posts

Leave a Comment