දේශපාලන වාසි බලා කුඩා ළමුන් නොමගට යවන SJB පරිසර රැල්ලේ තිරයෙන් පිටුපස දර්ශන !! (PHOTOS)

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය මේ දිනවල ආණ්ඩුවට එරෙහිව  බොරු වැරදි මවමින් බොරු පරිසර හිතකාමීත්වය පෙන්නන්න යනවා .


පසුගිය දිනක සමගි ජන බලවේගය කොළඹ විහාර මහා දේවී  උද්‍යානය ඉදිරිපිට පරිසර විනාශයට එරෙහිව උද්ඝෝෂණයක් දියත් කරනු ලැබුවා. එතනදි රැස්ව සිටි බොහෝ දෙනා ගේ අතේ තිබුණ බෝඩ්වල තිබුනෙත් බොහෝ දෙනාගේ මුවින් පිටවුණෙත් පරිසරය රැකගනිමු කියන එක.


හැබැයි පරිසරය රැකගන්න කතා කරන්න ආපු අයගෙ හැසිරිම දැක්කම පෙනුනේ පරිසර විනාශය ඔවුන් විසින් සිදු කර ගිහින් තිබෙන බවයි .


ප්ලාස්ටික් වතුර බෝතල් ,පොලිතීන් , තැන තැන දමා යන අයුරු සමගි ජන බලවේගයේ පරිසර හිතකාමීන් තුළින් අපි දුටුවා. සැබැවින්ම පරිසරයට ආදරය කරන මිනිසුන් මෙවැනි ආකාරයට හැසිරෙන්නේ නැහැ. බොරු රංගනයන් තුළින් කුඩා දරුවන් ඇතුළු සමස්ත සමාජය නොමග යවමින් සමගි ජන බලවේගය පරිසරයට ආදරය කරන මුවාවෙන් පරිසරය අපවිත්‍ර කිරීම කණගාටුවට කරුණකි.
මේ එහි ඡායාරූප පෙළක් … 

Related posts

Leave a Comment