ආණ්ඩුව මොනවා කිව්වත් ඇස් පනාපිට පරිසරය වැනසෙනවා

වනාන්තරය හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුටත් අවසර දී නැතැයි ජනාධිවරයා ප‍්‍රකාශ කළත් තමන් ඇස් පනාපිට එම විනාශය අත්දකිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, නාමල් කරුණාරත්න ඊයේ (26) දිවයින පුවත්පතට පවසා තිබේ.
 
 කුරුණෑගල, ගල්ගමුවේ, ඇහැටුවැව, නාකුලගනේ වනාන්තරය විනාශ කරමින් පවතින බවට ලැබුණු තොරතුරු මත එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව හෙතෙම මේ බව සඳහන් කළේය.
 
 වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේ ද පැවසීය.
 
 ජනාධිපතිවරයා පරිසරය පිළිබඳව ලොරි ටෝක් දෙනවා. නමුත් ඇස්පනාපිට පරිසරය වැනසෙනවා. ඒකට රාජ්‍ය අනුග‍්‍රහය නොවඩුව ලැබෙනවා.
 
 ආදීවාසී නායකතුමා පරසරය සහ වනය රැුකදෙන ලෙස ඉල්ලා අධිකරණයට ගියා. කාදිනල්තුමා, කුරුක්කල්තුමන්ලා, උගතුන් බුද්ධිමතුන්, පරිසරවේදීන් මේ පවතින විනාශය හෙළා දකිමින් සිටිනවා. නමුත් ප‍්‍රායෝගිකව පරිසරය වැනසෙමින් පවතිනවා.
 
 එදා අවශේෂ කැලෑ සම්බන්ධයෙන් තීරණ ගන්න තිබූ කමිටුව වත්මන් ජනාධිපතිවරයා අහෝසි කළා. අද ප‍්‍රාදේශීය ලේකම්ට තමයි වනාන්තර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ තනි බලයක් ලබාදී තිබෙන්නේ. දැන් ඔවුන් තමන්ගේ ප‍්‍රදේශයේ ඇමැතිවරුන් සමඟ එකතුව වන විනාශ සිදු කරමින් සිටිනවා. ඊට අමතරව ඔවුන් ‘තනි ගේම්’ ගහනවා. ඒ නිසා ජනාධිපතිවරයා මොනවා කීවත් රටම දන්නවා මේ වන විනාශය පිළිබඳව.

Related posts

Leave a Comment