බස්නාහිර පලාතේ පාසල් සියල්ල යළි ඇරඹේ

අද (29) දිනයේ සිට කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබු සියලු පාසල් යළි විවෘත කිරීමට නියමිතය.

 කොවිඩ් -19 වෛරසය පැතිරීමත්  සමඟ ගිය වසරේ මාර්තු මස 13වන දින සිට දිවයිනේ සියලු පාසල් වසා දැමීම සිදුවිය වසංගතය සමඟ ජන ජිවිතය පවත්වා ගෙන යෑමට හුරුවීමත් සමඟ අදියර කිහිපයක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කරන ලදි. බස්නාහිර පළාතෙන් පිට පළාත් වල පෙර පාසල් ආරම්භ  වූවද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරිම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කිරිමට අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබීය.

පසුගිය 15 වන දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. 

අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර ඇති ආකාරයට සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතුය.

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment