ඉන්දුනීසියාවේ ඉන්ධන පිරිපහදුවක විශාල ගින්නක්

ඉන්දුනීසියාවේ විශාලතම ඉන්ධන පිරිපහදුවක ඇතිව තිබෙන ගින්නක් පාලනය කර ගැනීම සඳහා එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉන්දුනීසියාවේ Balongan නම් ඉන්ධන පිරිපහදුවේ එම ගින්න ඇතිව තිබුනේ අද අළුයම් කාලයේදීය.

ගින්නෙන් පිරිපහදුවේ සේවකයින් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එහි අවට සිටි පදිංචිකරුවන් 950 දෙනෙකු පමණ ආරක්‍ෂිත ස්ථාන කරා පිටත් කර යැවීමට කටයුතු කර තිබෙනවා.

මෙම ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නැහැ.

Related posts

Leave a Comment