ඉගෙනුමට හපනුන්ට “ජපන් කැපකරු මාපිය ශිෂ්‍යත්ව” ප්‍රදානය කෙරේ

 දැයේ  දරුවන්ගේ  අධ්‍යාපනය  නගාසිටුවීම  වෙනුවෙන් යාපනය ආරක‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ  ‘ජපන් කැපකරු මාපිය ශිෂ්‍යත්ව’ ප්‍රධානය කරනු ලබන ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය හා යාපනය ආරක‍්ෂක සේනා මුලස්ථානය එක්ව ඉගෙනීමට හපන්කම් දක්වන යාපනය දිස්ත්‍රීක්කයේ දරුවන් හට  ජපන්  කැපකරු  මාපිය  ශිෂ්‍යත්ව  ප්‍රදානය  කිරිමේ  උත්සවයක් පසුගියදා (27) පැවැත්වුනි.

 ඒ යාපනය නාවක්කුලි විහාරස්ථානයේදී ය.  මෙහිදි අධ්‍යාපනයට  ඉහලින් දස්කම් දැක්වූ නවක්කුලි ප්‍රදේශයේ දරු දැරියන්  හට  සෑම  මසකම ‘ජපන් කැපකරු මාපිය ශිෂ්‍යත්ව’ ලබාදීම සහ 2022 වර්ෂය වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම සිදුවිය.  මෙම අවස්ථාවට  ශ්‍රී ජයවර්ධනපුර  කෝට්ටේ ප්‍රධාන  සංඝනායක,  ශ්‍රී  ලංකා නිප්පෝන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහා ලේකම් අති පූජ්‍ය මිගහතැන්නේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේලා,  බළසේනාධිපති  –  523  පාබල  බළසේනා  මුලස්ථානය, අණදෙන  නිලධාරි  –  12  වන  ගැමුණු  හේවා  බළඇණිය,  යුධ  හමුදා  ජ්‍යෙෂ්ඨ  නිලධාරින්,  යුධ හමුදා සාමාජිකයින්, පාසල් සිසු සිසුවියන්, දෙමාපියන් ඇතුඟ පිරිසක් සහභාගී වූහ. 

උපුටා ගැනීම – දිණමින පුවත් පතිනි.

Related posts

Leave a Comment